Home/Songs/සඳේ මං ඇන්දා සිත්තම්

සඳේ මං ඇන්දා සිත්තම්

Sande Man Anda Siththam

Font size:
සඳේ මං ඇන්දා සිත්තම්
මගේ ආදරේ හැඩයෙන්
වළාකුල් වැල්ලේ හංඟා 
රැයේ පීදෙනා තරුමල්
මීඳුම් තලාවේ රෑ සීත යාමේ
උන්මාදයෙන් සැතපිලා
ඉන්නම් ඉතින් මං මල් හී අරන් දැන්
මගේ මල්සරා එනතුරා
සදේ මං ඇන්දා සිත්තම්
මගේ ආදරේ හැඩයෙන්

උණුසුම් හැඟුම් පිරුණා හදේ
කියාගන්නටවත් බැරි තරම්
තනිකම් දොසින් තනිවී තැවේ
හිතේ හැංඟලා පෙම් පැතුම් 
කවදාක හමුවේද හිමි ආදරේ //

මෙතුවක් හිතින් 
පැතුවේ තුටින් සදානන්ද වු ජීවිතේ
සිහිනෙන් පවා ඔහු හා වෙලී
පියාපත් ලැබී පාවුණේ
කවදාක හිමිවේද පතු ජීවිතේ //

සඳේ මං ඇන්දා ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.