Font size:
මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා ඔබ පෙම්වතියක ලෙසින් එදා මා පෙමින් එදා මා ළඟ උන්නා අවිහිංසක ඔබ අවිහිංසක මා දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා මා රිදවන්නට නොහැකිව ඔබෙ හද දහස් වරක් දෙගුරුන් රිදවූවා පළිගන්නට මිස පිළිගන්නට මා දෙගුරුන් ඔබගේ නොකැමති වූවා ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට කසාවතට ඔබෙ වත දන් දුන්නා
Singers
Data
Last updated May 2026