දිල්හානී දුවනී
Dilhani Duwani
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න වාසනාව මට ගෙනදුන් දියණී සුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ