සුළං රැල්ල
Sulan Rella
Music: මිල්රෝයි ධර්මරත්න Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
(සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි.....//) (නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින් ඉමි...//) තුරුල් වන්න සෙවණැල්ලටවත් නොදෙන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) (ඔබේ තුරුළු ළය මානෙට ගී කියන්නෙමි...//) අපේ ප්‍රේම පුරාණේට පණ පොවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) (රසයි නීරසයි සම සම ලෙස විඳින්නෙමි....//) නුවන් පියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි.....///