Font size:
ආනන්ද වීණා වැයේ තාලයට මා සිතේ සිත් ලෝල ගී නාද දේ ගී නාද දේ මේ සිහින විජිතය ද නෑ අපගේ මනරම්‍ය ලෝකයයි සිත් ලෝල ගී නාද දේ ගී නාද දේ ලංවෙන්න ළඟ ඉන්න කවි සිංදු මුමුණන්න මේ මියුරු මංගල්ලෙකී ඒ ලොවට ඔබ එන්න ඔබේ දෝත මට දෙන්න ඒ ස්වර්ණ මල්දාමෙකී ආනන්දයි ජීවිතේ සෙනේ නදී තෙරේ ආනන්ද වීණා වැයේ ... මා දිනෙක තනි වෙන්නෙ නෑ නේද පවසන්න ඔබ මාගේ දිවි මං පෙතේ සඳු සේම හිරු සේම නිල් තාරුකා සේම දිලිසෙන්න බලනා අතේ ආනන්දයි ජීවිතේ සෙනේ නදී තෙරේ ආනන්ද වීණා වැයේ ...
Singers
Data
Last updated May 2026