Home/Songs/ඉසුරු කොදෙව්වේ

ඉසුරු කොදෙව්වේ

Isuru Kodewwe

Obe sina langa,Vol 2 Music: ජගත් වික්‍රමසිංහ Lyrics: වසන්ත රෝහන
Font size:
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...

යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.