උදුරාවී
Udurawee
Music: ධනිත් ශ්‍රී Lyrics: කාංචනා අනුරාධි ප්‍රනාන්දු
Font size:
සබඳේ පැතුවා සේ හමුවේදෝ ආයේ (කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව ආහහ් ඇගේ රුව ආහහ්...//) මේ සැඳෑවේ ගං තෙරේදී රන් රුවේ මා නුඹ දකීවී හීන ගානේ මා ඇදේවී චන්ද්‍රයාමේ නින්ද නේවී උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ... නලල කුංකුම රූ අඳීවී හාදු අමුනා ගෙල බඳීවී ස්නේහ වර්ශා වැටෙන වේලේ දමා යනු බෑ සඳේ වෙන්වී... උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ... (කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව ආහහ් ඇගේ රුව ආහහ්...//)