Home/Songs/පියමැන්නේ

පියමැන්නේ

Piyamanne

Font size:
පියමැන්නේ.. ඇයිද එසේ..
රිදවාලා.. ඔබ මසිත මෙසේ..
දුර ගව්වේ.. මා ඉන්නේ..
මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ..
සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැළි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ..

සියුමැළි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..

සිත ගත්තේ.. නැතුව නොවේ..
සැමදා.. එලෙස බලා.. ඇයි ඉන්නේ..
හද අරණේ.. රැඳුණු සෙනේ..
පුබුදා.. සොයනු මැනේ.. හසරැල්ලේ..
නැතුවත් මේ භවේ.. මතු එන ජිවිතේ..
සැමදා ඒ සෙනේ..
සතු වේවා.. සදා ළඳුනේ..

සියුමැළි ඔබෙ වත....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.