Home/Songs/සුසුම් ලමින් මගේ දිහා

සුසුම් ලමින් මගේ දිහා

Susum Lamin Mage Diha

Font size:
සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී

මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි
යළි මදසක් හෙලා
යළි මදසක් හෙලා කියනා
දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී

මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.