ආශීර්වාද දී (අම්මා)
Ashirwada Di (Amma)
Music: දෙනුවන් කෞෂක Lyrics: කුෂාන් මනින්ද්‍ර
Font size:
ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ දෙයි මගෙ ජීවිතයේ හිමිකාරිය අම්මා ඔබෙ ලේ මා කෙරේ කොහොමද කිරි කලේ එතරම් ආදරයක් කොහෙන්ද අම්මා පරදීවි මහා සාගරේ හමුවේදි ඔබෙ ආදරේ (ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා ඉපදෙන්න පිං කරමි මා...//) රූපේ පවා මට දීලා ඔබෙ ගත වැහැරී ගියා ඔබගේ දෙපා වෙහෙස වෙලා ඉදිමෙන්නැති මා නිසා කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං මට ලෝකේ දෙවියන් එපා වැන්දාම ඔබගේ දෙපා (ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා ඉපදෙන්න පිං කරමි මා...//) මා දිනවා සතුට බලා ඔබ පැරදී හිනැහුනා මහා අවුවේ ඔබ දැවුනා මා හෙවනැල්ලේ තියා කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං මට ලෝකේ දෙවියන් එපා වැන්දාම ඔබගේ දෙපා ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ....