Font size:
(මල් හසරැල් සැලෙන ලොවක්  - දුල් රසුදැල් අසිරි සලා 
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන -  සිහින දනව්වක්...//)

කතරක් මැද කොතැනක හෝ - කෙම් බිම්  යළි හමුවෙනවා
දුක් බර ගෙන යන ගමනේ - හසරැල්ලක්  මුසු වෙනවා
කදුළින් සරු වූ උයනේ - මිනිසත් කම් දළුලනවා

මල් හසරැල් සැලෙන ලොවක්  - දුල් රසුදැල් අසිරි සලා 
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන -  සිහින දනව්වක්

සිත නෙත් ගති නැති දා ලෝ  - කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූදා - නව කෙම් බිම් බිහි වෙනවා
දෙසිතක් මුසු වූ දැහැනේ - දහසක් මල් පිබිදෙනවා

මල් හසරැල් සැලෙන ලොවක්  - දුල් රසුදැල් අසිරි සලා 
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන -  සිහින දනව්වක්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.