බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
Budu Puthe Wesak Sada Wage
Font size:
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව..... අවවාද කරනවා අකුරටත් යවනවා රජ කරවන්නට පුතාව මහ පොළොවේ හැපෙනවා නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා..... බුදු පුතේ...... සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත මිනිසෙකුගේ තියෙන වටිනාකම දැනෙයි පුතුටම බුදු පුතෙක් වුනේ ඔබ රත්තරන් පියෙකුට මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත..... බුදු පුතේ......
Singers
Data
Last updated May 2026