Font size:
චිත්‍රපටය : සුජාතා (1953) (පෙම් රැල්ල නගී ගල් තල්ලේ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ.. පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටී පෙන්වයි ආලේ මහිමේ...//) ඕ ඕ ඕ... (පෙම් සයුර වගේ අපි දෙන්නාගේ ප්‍රේමාදර සුන්දර ආලේ මේ...//) ප්‍රේමාදර සුන්දර ආලේ මේ ඇද හැලෙන රිදී රැස් සූර්යාගේ ඔප කරයි අපේ නොයිදුල් ආලේ පෙම් රැල්ල නගී ගල් තල්ලේ වදී.... ඕ ඕ ඕ... (පෙම් රැල්ල බිඳෙයි පෙම් පෙණ උතුරා පෙම් වෙරල සිඹී ප්‍රේමේ වේගේ...//) පෙම් වෙරල සිඹී ප්‍රේමේ වේගේ පෙම් ලිහිනියනේ දෙන්නෙක් තනිවී පෙම් ගීත කියා පෙම් ආකාසේ අපි දෙන්නා වගේ දෙන්නම කැකුළුයි මේ නාඹර පෙම් ලෝකේ පෙම් රාණි ඔබයි.. අති සුවිනීතයි පිය සුන්දර මේ ප්‍රේමේ පෙම් රැල්ල නැගී ගල් තල්ලේ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ.. ගල් කඳු නොසැලී මහ පොළොවේ ඇලී පෙන්වයි ඇති ආලේ මහිමේ පෙම් රැල්ල නැගී ගල් තල්ලේ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ.. ගල් කඳු නොසැලී මහ පොළොවේ ඇලී පෙන්වයි ඇති ආලේ මහිමේ