Home/Songs/වලාකුලක් ගෙන මුවාකරමු හිරු

වලාකුලක් ගෙන මුවාකරමු හිරු

Wala Kulak Gena Muwa Karamu Hiru

Music: රෝහණ වීරසිංහ Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
චිත්‍රපටය: සහරාවේ සිහිනය (1990)

(වලාකුලක් ගෙන මුවාකරමු හිරු 
ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ
රත්වුනු වැලිකැට පුපුරන
මැද පෙරදිග මරුකතරේ)....//

වතුර මලෙන් නා දොල අමතක කර
දූලි සුලං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අභියසට ගමු අපි සුරපුර

වලාකුලක් ගෙන මුවාකරමු..../

නගර දනව් මැද සුවිසල් මන්දිර
අතර උපන් රට නොරකින් ලංකර
පඳුරු පතොක් කටු අත ගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දියකර

වලාකුලක් ගෙන මුවාකරමු.....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.