ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
Shanthini Thema
Font size:
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
Singers
Data
Last updated May 2026