Font size:
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී රළු පොලව මතින් බිදෙනා විඩාබර දිගු ගමනේ මෘදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවී මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී සඳ නිවී ගිය රාත් රියේ තාරකා ගොළුව ඝන අදුරේ ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
Singers
Data
Last updated May 2026