අතුරු මිතුරු දඹදිවතුරු
Athuru Mithuru Dambadiwathuru
Music: වින්සන්ට් ප්‍රේමසිරි Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
අතුරු මිතුරු දඹදිවතුරු මෙන්න පුතේ රාජකපුරු උඩින් මිතුරු යටින් හතුරු නටපල්ලා පණ යනතුරු...// පාට පාට මුහුණෙ උලා සිනහ පැළෙන කිකිණි හලා... පාට පාට මුහුණෙ උලා සිනහ පැළෙන කිකිණි හලා වැදි ගැමි නාගරික වෙසින් රඟ පෑවත් නොයෙක් ලෙසින් මොකටද හිත තිගැස්සුණේ අපි කවුරුත් මිනිස්සුනේ... පැය විසිහතරකට ගැතී දවසින් දවසකට නිතී ජීවත් විය යුතු හින්දා මුහුණට මුහුණක් බැන්ඳා නෙතින් නෙතක් ඇත පිනවා මනුස්සයෝ රඟ දෙනවා... එක අහසයි එක පොළොවයි එක හිරු සඳු දෙන එළියයි නොයෙකුත් වෙස් මුහුණු බැඳන් නැටුවත් හැමතැන ම ඉඳන් ඉරණමකට පෑගිය හැකි ජීවිතය ම ජෝගියකී...
Listen
Watch on YouTubeData
Last updated May 2026