කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ
Kehel Malak Kehel Kotuwe
Font size:
කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ දකින දකින ගානේ කෙහෙල් කොටුව සරු කළ නුඹ සිහිවෙනවා නෑනේ කෙහෙල් කොටුව සරු වුණාට හිත පාළුයි නෑනේ කෙහෙල් කොටුවේ මං තනියම නුඹේ ගෙපැලේ නුඹ තනියම කවදා පායයිද හඳක් අනේ අපට නෑනේ...... කෙහෙල් මුව මාළුව නුඹ රහට හදන කාලේ කෙහෙල් කොලේ බත බෙදලා නුඹ මට දෙන කාලේ තව මතකයි හීනයක් වගේයි මට ඒ කාලේ නැන්දා මාමා දෙන්නා විරසක වී පව් පල දී සුදු නෑනේ අපි දෙන්නා දෙපොලේ....... කෙහෙල් මලක්........ කෙහෙල් කැන් පොලට විකුණා කාසි අරන් නෑනේ මල් චීත්තයක් ගෙනාව ඒත් දෙන්න බෑනේ කෙහෙල් දල්ල වගේ වැනෙනවා නුඹේ හිත සුදු නෑනේ ඕන කෙහෙල් මලක් වෙයන් කියලා හොර රහසේ අපි දෙන්නා යමුදෝ හඳ පානේ...... කෙහෙල් මලක්........