නිදි නේනා හීන ගේනා
Nidi Nena Heena Gena
Music: නිමේෂ් කුලසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා සඳ පායා පායා රෑ සිත ඇහැරලා කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා.... මගෙ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිඳුනා දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා සඳ පායා පායා රෑ සිත ඇහැරලා කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා.... නෙතු කඳුලු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා සඳ පායා පායා රෑ සිත ඇහැරලා කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා.... නිදි නේනා හීන ගේනා.....
Singers
Data
Last updated May 2026