Home/Songs/මුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි

මුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි

Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului

Font size:
මුතු කුමාරී නොවේ මා
මුතු නොවේ හැඬුවේ කඳුළුයි
මතු මාල තනා පළදින්නට
ඕනෑ නම් කඳුළු ඔබට
තවත් හඬන්නම් //

සැකයේ ගිණි පුළිඟු නැගී
කුලගේ කැණිමඩල බිඳී //
හද දවනා ගිනි නිවන්න
ඔබට ඕනෑ මගෙ කඳුළුයි 

මුතු කුමාරි .....

අදුනාගත් නෙත් අදවී
වටහාගත් සිත් ගොළුවී //
කඳුලේ හැඩ රුව බලන්න
ඔබට ඕනෑ මගෙ කඳුළුයි 

මුතු කුමාරි .....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.