Home/Songs/අකීකරු පෙම් කතාවක්

අකීකරු පෙම් කතාවක්

Akikaru Pem Kathawak

Music: පසන් ලියනගේ Lyrics: ලක්මී ප්‍රභා රත්නායක
Font size:
සීත හිම මත වතාවක්
නිම උනා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු 
අකීකරු පෙම් කතාවක්...

(නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා...//)
නොදැන සිටියා නොවෙයි නුඹ මා
දිනක් එන බව වෙන් වනා...

(අතීතය මා ලඟ තියා
හිතේ තරහක් නෑ කියා...//)
ළඟින් ළඟ එන වසන්තය වෙත
යන්න හිම කවුළුව වසා...

සීත හිම මත....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.