Home/Songs/මල් වලට තටු ඇවිල්ලා

මල් වලට තටු ඇවිල්ලා

Mal Walata Thatu Awilla

Font size:
මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ 
(ඉලන්දාරි මං ගැට වයසේ....//)

(ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්....//)
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්.....

මල් වලට තටු.....

(ප්‍රේම කරන අය විඳවන හැටි ගැන 
වහ කන එක ගැන දුටුවා මං....//)
මං මොන එහෙකට ප්‍රේම කරන්ද 
ඒවා ඇහුවම මට අරහං.....

මල් වලට තටු......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.