දැන් හිතට සතුටුයිදෝ
Dan Hithata Satutuidoo
Music: තරිඳු බණ්ඩාර Lyrics: මිලත්තැවේ සුගත් හිමි
Font size:
දැන් හිතට සතුටුයිදෝ සමුගැනීම අවසානයදෝ මට පිහිට තනිකමදෝ මේ දෑස සිහිවෙයිදෝ හිත අවනතයි නුඹට තව ලුහු බදියි නුඹව ලැබීම වෙන්වීමේ මුලද තේරුම් ගියා හිතට (විඳවීම දුක්ඛිතයි රඟපෑම නම් ලස්සනයි ආදරේ දැන් නිමයි ඔබ යන්නේ කෙටි දුරයි...//) තේරුම් යන්න මගේ ආදරේ තේරුම් ගන්න බැරි ඇයි අනේ අතහැරයන්න ඔබ දැඟලුවේ අතහැරගන්න මට බැරි වුණේ ආදරේ පූජීතයි මං දන්නේ එච්චරයි ආදරේ විහිලුවක් ඔබ දන්නේ එච්චරයි (විඳවීම දුක්ඛිතයි රඟපෑම නම් ලස්සනයි ආදරේ දැන් නිමයි ඔබ යන්නේ කෙටි දුරයි...//) වියැකී යන්න අපේ මතකේ වලලා යන්න මතක මගේ ලං කර යන්න දුක උරුමේ ලං කරගන්න සතුට ඔබේ ආදරේ පූජීතයි මං දන්නේ එච්චරයි ආදරේ විහිලුවක් ඔබ දන්නේ එච්චරයි... දැන් හිතට සතුටුයිදෝ...