Home/Songs/අපි අපේ නම් ලියා එක්කරපු

අපි අපේ නම් ලියා එක්කරපු

Api Ape Nam Liya Ek Karapu

Music: මාධව හේවාවසම් Lyrics: චතුක මධුරංග
Font size:
අපි අපේ නම් ලියා එක්කරපූ 
දාහක් දෙනා රහසේ කියවාපූ 
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ   

මල් පිරුණු අරලියා ගස් තාම තියෙනවා
වැරදිලා වත් ඔයා ආයේ එයි හිතෙනවා
කැන්ටිමේ අපි ආස කිරි ටොපිත් තියෙනවා 
පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා 

අපි දෙන්නා දන්න තැන්වල හොරෙන් හමුවෙලා 
අහපු තරමක් බැනුම් මතකයිද අහුවෙලා 
කදුළු පුරවන් දෙනෙත් වල ඔයා බය වෙලා  
අයෙත් මතක් වෙලා මගේ නෙතුත් බොඳ වෙලා 

අපි අපේ නම් ලියා එක්කරපූ 
දාහක් කතා රහසින් කියවාපූ 
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ

අපි අපේ නම් ලියා එක්කරපූ 
දාහක් කතා රහසින් කියවාපූ 
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි ඉඳපූ   
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.