හඬනා තරම්
Handana Tharam
Music: උදාර සමරවීර Lyrics: යු පි ප්‍රවේෂ්
Font size:
හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළං වුනේ අපි මේ තරම් වාවන්නේ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුණේ අදහන්න බෑ හැරයන්නේ ඔබමද කියා (හඬනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම්...//) හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ වැටුණු මගේ හිතට දිරිය දුන් ඔබම යන්නේ ඇයි මේ වගේ (හඬනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම්...//) යනෙන හැම තැනම පසුපසින් ඇවිද දිනුම දුන් පණ මගේ නැවත පැමිණේවි මටම හිමි වේවි කියනවා හිත මගේ (හඬනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම්...//) හමුවුණු තැනින්...
Singers
Data
Last updated May 2026