Font size:
සායම් ගෑ දෙතොල මායම් ගිනියම් වී ආදරෙන් අවුලන්නෙමී යන්තම් ලය මඩල යන්තම් සීරුවට හාදුවෙන් පුරවන්නෙමී සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අඳුන මං ආදරෙයි ලදේ ඔය තුරුලෙ කිමිදීලා මල් සුවඳේ දැවටීලා මා දේහේ මත් වෙලා ගියේ (සියුමැලියේ නෙතු පියා ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ…//) සීතයි මට හරිම සීතයි උණුහුමට කෝල ඇයි මිහිරාවියේ ඇස් පියන් දේදුන්න වාගේ සිපගන්න හිත කියයි ලංවී ඔහේ සිත නිවන පෙම් කවිය.... (සියුමැලියේ නෙතු පියා ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ…//)