Font size:
ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේ මා...... මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංහුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා...... ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබෙ රුව ඡායා සැඟවේ පායා....... මල්සර දුනුවර..... (ඔබේ රුව ඡායා සැඟවේ පායා.......//)