Home/Songs/ආත්මේදී (හංගා තබා තියා ගමි)

ආත්මේදී (හංගා තබා තියා ගමි)

Athmedi (Hanga Thaba Thiya Gami)

Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
හංගා තබා තියා ගමි හිත මැරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් ඇති කම්පා වෙලා නිසා අපි
රඟපෑවේ ඇයි ඔයා මගේමයි කියා 
පව්කාරියක් වුණේ ඇයි හැරගොස් මෙමා
(ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........//)

පහන දල්වා මළුවේදී මේ අත් දෙකෙන් අල්ලා
හේතු දුන්නා ආදරෙන් ළංවෙන්න අපි දෙන්නා
(ලේ වලින් ඔබ ලියා දුන් ලියුම් දිව්රලා....//)
නිරපරාදේ මං හුඟක් විශ්වාස නම් කෙරුවා
ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........

සානුකම්පාවෙන් බලන්නේ මං ඔයා දිහා
වෛරයක් නෑ පැහි පැහි තුන් හිතකවත් කිසිදා
(ජාති ජාතිත් ඔයා ආයේ නම් මට එපා....//)
හිතෙනවා දැන් ඇයි ඔයා මට හමුවුණේ කියලා
ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........

හංගා තබා තියා.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.