Home/Songs/ඈත මෑත (පාට පාට මල්)

ඈත මෑත (පාට පාට මල්)

Atha Matha (Pata Pata Mal)

Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
චිත්‍රපටය : සිරි පැරකුම් (2013)

ඈත මෑත සුවඳ දී සැලී
නේක නේක හැඩ රුවින් මැවී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි
යාළු යාළු පොඩි ළමයි අපි

උදෑසනක උදාගිරක අරුණ කිරණ අපී
කඩා හැලෙන දිය දහරක පිපෙන බුබුලු අපි
සදා හරිත තුරු ගොමුවක සලිත ළපලු අපි
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි

සඳ නැති රැය තිමිර බිඳින තරු පිරිවර අපි
දේදුන්නට පාට හදන සමනල තටු අපි
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපි
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි

ඈත මෑත සුවඳ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.