Home/Songs/පාරමී දම් පුරමු අප දෙදෙනා

පාරමී දම් පුරමු අප දෙදෙනා

Parami Dam Puramu Apa Dedena

Music: සරත් දසනායක Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
පාරමී දම් පුරමු අප දෙදෙනා 
මටම අයියණ්ඩියක වී ඔබ 
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...

ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...

පාරමී දම් පුරමු...

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...

පාරමී දම් පුරමු.../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.