පෙම් කතන්දරේ
Pem Kathandare
Music: භාතිය ජයකොඩි Lyrics: ධනුෂ්ක ලක්මාල්
Font size:
හමන සුළඟට නලියන ගින්දර නිවන සිහිලැල් සුළඟක දැවටුන නිම් තෙරේ ගිම් නිවූ ඒ රසේ හැඟුම් හිත ළඟ ඇහැරෙන තරමට හෙමින් මා ළඟ තුරුලෙම දැවටුන ඒ රසේ මා සොයා ආ දිනේ ජීවිතේ පෙම් කතන්දරේ මගේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ මායි මේ නෙත් යා වුනේ ඒ සීතේ ගයාවී හද පැතූ පෙම් ගීතේ සදා දී පෙම් සිහින මන්දිරේ අපේ... අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ හමන සුළඟට නලියන ගින්දර.... මා හදේ නැවතී මැවූ ඒ ලෝකේ ඔබම දෝ මගේ හදේ පෙම් ගීතේ නිමා වේ සන්තාප හෝරාවේ අපේ... අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ හමන සුළඟට නලියන ගින්දර.... අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ