Font size:
සුදු ගවුමේ රැළි හද හද කොන්ඩ කරල් දෙක බැඳගෙන පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ (නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ...//) (හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට නුඹේ තියෙන අමුතු වෙනස නම්...//) හිතේ තියන් සඟව ගන්නෙපා (හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා...//) සුදු ගවුමේ රැළි හද හද.... (සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම අපේ ගෙදර තියෙන සතුට නම්...//) අපිට හොරෙන් අරන් යන්නෙපා (මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා...//) සුදු ගවුමේ රැළි හද හද....