Home/Songs/සංසාර කුමරී

සංසාර කුමරී

Sansaara Kumari

Font size:
මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත්
ලෝකෙන් තව කාටත් නොමැති 
ආදරයක් අයිති පොහොසතා මමයි
ඔබ නැතිදෝ හඳුනාගත්තේ
මට තනියයි ඔබ නැති වේලේ.......

සංසාර කුමරී දෑසේ සරනා කඳුලැල්ල ඔබමයි
හසරැල්ල ඔබමයි එන්න මා සොයා
සංසාර කුමරී තුරුළු වෙලා 
පවසන්න ප්‍රේමේ සැමදා සැමදා.....

ඇස් වසා සිහි කළා ආදරේ මතකයන් 
ජීවත් වෙන්නේ ඔබේ හුස්මෙන්
සත්තයි ඔබේ හුස්මෙන් ඔබ නිසා
තෙත මාත්තු කරන්න මේ ඇස් දෙකේ මගේ
ඔබ මා ළඟ ඉන්නම ඕනේ
සංසාර කුමරී හමු වූ දිනය එදා
හිත සිර වී කඳුළකට පණ දී රිදවයි මෙදා
සංසාර කුමරී තුරුළු වෙලා 
පවසන්න ප්‍රේමේ සැමදා සැමදා.....

සංසාර කුමරී.....
සංසාර කුමරී දෑසේ සරනා........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.