Home/Songs/බල්ලා පිදුරු කන්නෙත් නෑ

බල්ලා පිදුරු කන්නෙත් නෑ

Balla Piduru Kanneth Na

Font size:
[බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
කන්නෙත් නෑ දෙන්නෙත් නෑ...]

බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා...

ඔයා අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ//
එහා පැත්තේ ඉඳගෙන මට විහිලු කරනවා
හොඳ අකුරක් ලියවෙනකොට
අතින් අනිනවා මට අතින් අනිනවා...

බල්ලා පිදුරු...

ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ//
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා...

බල්ලා පිදුරු...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.