මල් ලෝකේ රාණි
Mal Loke Rani
Music: C T ප්‍රනාන්දු Lyrics: ලලිත් සිරිවර්ධන
Font size:
මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා // මා හද විල සරසාලා ආදර මල හැඩවීලා // මා සනසා ඉඟි පාලා රඟන්න චල ලෝචනී මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා // මේ මුළු ලොවම එපාවේ මගෙ රස රැජින හිනාවේ // සම්පත සතුට ගෙනාවේ ඔබ නේද මධු රාජිනී මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා //
Singers
Data
Last updated May 2026