Font size:
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා ආයේ කවදා දකින්දෝ ඔබේ පෙම් සිනා.. රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා ගංගා තලාවේ වැතිරී හිඳන් ළංවී මගේ කනට රහසින් කියා.. ගංගා තලාවේ වැතිරී හිඳන් ළංවී මගේ කනට රහසින් කියා.. ඒ පෙම් කතාවන් සුළඟේ පාවී රහසක් අපේ ආදරේ.. රත්තරන් ප්‍රාර්ථනා.. සැඟවී හිඳින්නම් එන මං බලා තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්.. සැඟවී හිඳින්නම් එන මං බලා තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්.. දෙගුරුන් නිසානම් අප වෙන් උනේ අහිතක් නොවේ මා සිතේ.. රත්තරන් ප්‍රාර්ථනා..
Singers
Data
Last updated May 2026