සඳ එළිය ගලයි
Sanda Eliya Galai
Music: වික්ටර් රත්නායක Lyrics: ගීතනාත් කුඩලිගම
Font size:
සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ මඳ පවන නිසල වී රල පෙලට තුරුලුවී වැහි ලිහිනි රෑන් පමනි මගේ දුකට හඬන්නේ ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී මේ නිසල රැයේ තනිකම මුලු සිරුර ගිනි ගනී රළ නගන අදෝනා හද රිදෙන වේදනා පාලු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී මේ හිමිදිරියේ හිරිගඩු සියොලඟම නැගි නැගී දුර ඇදෙන ඔරු බඳේ පිනි කඳුලු බිඳු රැදේ මාගෙ හදවතේ දුක ඔබ පමනි නිවන්නේ