Font size:
කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා, සිනිදු හිත පෑරිලා.. ඔබම සොයලා, රැයම ගෙවිලා, සිහින අවතැන්වෙලා.. හමුවන්න බෑ ඔයා.. සැඟවී මෙදා.. තනිවන්න බෑ මගේ.. හුස්මත් ඔයා.. රතුපාට වෙරළේ, පා පොඩි තියා.. පපුවේ තුරුල්ලේ, සෙනෙහස උරා.. හැබැහින්ද කිව්වේ, ඔබ මගේ තමා.. තාමත් අතීතේ, මා නැවතිලා.. කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා.... යළි නොඑන සෙනෙහේ, මග හමුවෙලා.. මට ගැයුව ගීතේ, ඔහු හා ගයා.. හිතකින්ද යන්නේ, ඔබ හිනැහිලා.. තාමත් අතීතේ, මා නැවතිලා.. කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා....
Singers
Data
Last updated May 2026