Home/Songs/දිනෙක මතුදා දෛවයෝගෙන්

දිනෙක මතුදා දෛවයෝගෙන්

Dineka Mathuda Daiwayogen

Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
දිනෙක මතුදා දෛවයෝගෙන් 
ඔබව හමුවී නම්
සිතැඟි ඉවසා වේදනා දුන් 
ආදරේ මා පවසන්නම්....

බැදි ආදරේ සඟවා හිතේ 
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවේ නෑ  
හඬනා හැඟුම් පෙන්නා ළයේ 
ආදරෙන් අමතාවී....

දිනෙක මතුදා..../

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් 
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා 
මට රෑ රිදුම් දේවී හදේ පසුතැවී අඳුරේ..

දිනෙක මතුදා.../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.