Font size:
මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා..... තහනම් ප්‍රේමෙන් දුක්වින්දෙ මා නම් බහදුන්නා මෙන් තනිවෙන්නේ මා නම් පෑහෙනා මට පෙමක් නැති කමින් වෑහුනා උණු කඳුලැල් නෙතගින්..... මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා කහඉර පැනගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කලා කලකම් පලදුන්නේ ඒ කටුමත්තේ මං සැතපුනා..... (ආලේ තාලේ තේරුනේ මට ඒවෙලේ දෙතොලගින් උණුසුමින්....//) හිත පතුලේ මට පැලවෙන්න නම් ඔය වාගේ චපලකම් තව එපා..... මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා....