දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා)
Duppath Aadare(As Ridenakan Bala)
Music: උදාර සමරවීර Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ඇස් රිදෙනකන් බලා හිත රිදෙනකන් සිතා මා ඔබට පෙම් කළා මුළු හදින් පෙම් කළා නොහැඟී සේ ඉන්නේ ඇයි දුප්පත්ද මගේ ආදරේ දුප්පත්ද මගේ ආදරේ..... ඇස් දෙකේ එල්ලිලා ඔය හිතේ පැටලිලා උන්නාට පැතුමක් තියා හිත බියෙන් ගොළුවෙලා කිව් විටෙක හැරයයිද මා නැති වෙයිද මිතුදම් අපේ දුප්පත්ද මගේ ආදරේ...... ඇස් රිදෙනකන් ..... තනිකමේ තනි වෙලා මා සිතින් පෙම් කළා වෙනකෙකුගේ නම් වෙන්නෙපා ඔබමයි මට මැව් කෙනා කිව් විටෙක හැරයයිද මා නැති වෙයිද මිතුදම් අපේ දුප්පත්ද මගේ ආදරේ...... ඇස් රිදෙනකන් .....