Home/Songs/රන් පොකුණට

රන් පොකුණට

Ran Pokunata

Adara Madhura Atheethe, Vol. 01
Font size:
රන් පොකුණට දැන් ආමී 
රන් සළු පිළි ගෙන ආමී 
රන් කලයෙන් දිය නාමී 
රාජ කුමාරී මන් 

හො හෝ හෝ... හො හෝ හෝ...
කට කැඩි කළයයි ගෙනෙන්නේ 
වැරහැලි රෙද්දයි අඳින්නේ 
කොයිබද උදයම දුවන්නේ 
රොඩී කෙල්ල වාගේ 

( විහිළු කෙරුවොත්... තාත්තාට මා කියන්නම් 
මම බයවෙයි කිව්වොත්... බිත්තර කටුවක් සොයන්නෙමි මම ) ...//
මාගේ පසු පස්සේන්... අවතාරේ වගේ එන්නේ 
කිව්වොත් පිය රජුගෙන්... කස පාරයි ලැබෙන්නේ 

අර කට කැඩි කළයයි ගෙනෙන්නේ 
වැරහැලි රෙද්දයි අඳින්නේ 
කොයිබද උදයම දුවන්නේ 
රොඩී කෙල්ල වාගේ 

රන් පොකුණට දැන් ආමී 
රන් සළු පිළි ගෙන ආමී 
රන් කලයෙන් දිය නාමී 
රාජ කුමාරී මන් 

(තාත්තේ කිව්වා... රොඩී කෙල්ල වගේලු මන් 
අනේ නෑ නැ රජුණි... පොළොව පැලෙන බොරුවකි ඔය කිව්වේ ) ...//
කලයේ කට කැඩිලා... වැරහැලි රෙදිපිළි ඇඳලා 
කීවේ අන්දරෙමයි... රොඩී ලඳක් වාගේ මා කියාලා 


රජ කුමරියගෙන් මා ඇහැව්වේ 
රන් පොකුණට දෝ යන්නේ 
රන් කොතලද ගෙන එන්නේ 
මල්මද බිසවක් සේ 

ලල් ල ලල ලල් ලා ලලල්ලා...////
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.