Home/Songs/ඔයා මගෙ නම්

ඔයා මගෙ නම්

Oya Mage Nam

Font size:
ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම් 
සඳ වගෙ මුහුනට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා......

ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා.....
පන්න පන්නා යනවාද මන්දා.......

සඳ වගෙ මුහුණට......

(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)

හදවත ශෝකය කටු ගාලා
ඔබෙ ඇස් පාරට මත් වීලා
ජීවිතයම පෙම් රස වීලා
යමු අපි දෙන්නම රෑ සඳ
පානේ සැඟවීලා....

(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)

ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම්
යන විට ඉඟ සුඟ ගස්සාලා 
කොහොමද ඉන්නේ ඉවසාලා
ඔය ඉණ වට මගේ අත දාලා
යන්නට එනවද මගේ 
ආදරියේ නොකර කතා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා.....

පන්න පන්නා යනවාද මන්දා
කුංකුම අංජන තවරාලා 
ඔබ යයි සුසුමද පතුරාලා
ඒ සුවඳින් මනමත් වීලා
මා ඉන්නේ ඔබේ සූසැට මායම් ඉවසාලා....

(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.