Home/Songs/හිතද්දි මට නවත්වන්න බෑ

හිතද්දි මට නවත්වන්න බෑ

Hithaddi Mata Nawaththanna Ba

Font size:
හිතද්දි මට නවත්වන්න බෑ ඔයා මතක් වෙනවා
කියද්දි නෙතු මට ඔයා ගැනම කවි කඳුළු හදේ පිරුණා
අහද්දි සිතුවිලි ඔයාට කොහොමද මොනවා කියන්න ද මා
ගෙවෙද්දි කාලය ඔයා නැතිව මට සතුට ඉබේ මැකුණා

ඇසින් කතා කල දොතොල් සිනාවට හැඟුම් ගඟක් ගැලුවා
අලුත් පැතුම් මගෙ උපද්දවන්නට ඔයා වෙහෙස දැරුවා
සඳ පෑයුවාට සුන්දර රැයකදි අඳුරේම සැරිසරුවා
ඔයා නැතිව මට ජීවත් වෙන්නට කවදාවත් බැරුවා

අපව දුරස් කල අපට කතා හැදු ලොවට මනාප තියා
හිතේ කොනක ඒ මතක හංගගෙන ඔබෙන් සැඟව යනවා
නොදන්න ලෝකෙක දන්නා ඔබ මම සසරේ හමුවේවා
සමාවෙන්න මම ඔයා දුන්නු හිත තුරුළු කරන් හැඩුවා

හිතද්දි හිත මට .......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.