Font size:
මගේ පොඩි දුව හොඳ කීකරු ළමයෙක් ආඩම්බර හිත කීවා දවසක් පොඩි දුව මගේ හොඳ කඩිසර දරුවෙක් ආඩම්බර නෙත් දුටුවා දවසක්....... දිවයන කාලය ගෙන ආ වෙනසින් එකටෙක කීවේ ඇයි රිදවා සිත් කීව කතා බස් මතකයි තවමත් අප සිත් සනහා කිරි හුරතලයෙන්........ මගේ පොඩි දුව....... ගෙවා දමන්නට ඇත දිගු ගමනක් ජයගනු බෑ එය හිතුවක්කාරෙන් පිවිතුරු හැඟුමින් යහගුණ දහමින් පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්...... මගේ පොඩි දුව.......