Home/Songs/මගේ විතරමයි

මගේ විතරමයි

Mage Witharamai

Music: ෂෙනාල් මද්දුමගේ Lyrics: ඩිලාන් ගමගේ
Font size:
හීනයක් නොවෙයි
ඔබ බැඳුණා  - ආත්මය පුරා
වසන්තය ලඟයි
මට දැනුණා - ඔබයි පෙම් හොරා

ඔබගේ මිස මා දැන්
මගේ නම් නොවෙයි
මාගේ මිස ඔබ දැන්
ඔබේ නම් නොවෙයි

මගේ විතරමයි
ඔබ දැන් ඉතින්
මාත් ඔබේ වෙන්නේ
එකම හිතින්
මියෙනා තුරා ඉන්නම්
ඔබේ සෙවනේ මං
අපිට අපිව අයිතියි
රත්තරනේ දැන්...

සාක්කි බොහොමයි
හිත පතුලේ - පැරදුම් එමටයි
සුසුමන් විතරයි
තතු හෙව්වේ - තනිකම තිත්තයි

මේ ඇස් හතර කොනේ
තිබෙනා ආදරය අපේ
රැකගත යුතුව තිබේ
ජීවිතයම ඔබගේ අතේ

පෙරැත්ත ඔබටයි
පෙම් සිහිනේ
සතුට ප්‍රමාදයි
අනන්තේ සුවඳයි
ආදරයේ
කඳුල නිමා වෙයි

මේ ඇස් හතර කොනේ
තිබෙනා ආදරය අපේ
රැකගත යුතුව තිබේ
ජීවිතයම ඔබගේ අතේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.