බුලත් හුරුල්ලට මැද්දෙන්
Bulath Hurullata Madden
Music: සකුරා රංග
Font size:
බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගේ රුව මැවුනා ඔබේ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා මේ පුතාගේ දිව්‍ය ලෝකේ වෙන කව්රුත් නැති හන්දා මංගල දවසෙත් ඔබේ ගුණ සිහි කර කර මං වැන්දා නැහැ ඔබ අද මගේ ලස්සන දකින්නට මගේ අතගෙන පෝරුවේ නග්ගවන්නට කළ කී දේ මා මිනිසෙක් කරන්නට අප්පච්චියේ බෑ අමතක කරන්නට බුලත් හුරුල්ලට... අවසන් මොහොතේදී ඔබ කිවූ වදන් පෙළ යන්තම්වත් නෑ හිතකින් ඈත් කර අම්මායි නංගියි ඇස් දෙක වගෙයි මට කවදාවත් දෙන් නැහැ දුක් විඳින්නට බුලත් හුරුල්ලට...