Home/Songs/කඳුළු පිසදාලන සඟවාලන

කඳුළු පිසදාලන සඟවාලන

Kandulu Pisadalana Sangawalana

Music: රෝහණ වීරසිංහ Lyrics: වසන්ත කුමාර කොබවක
Font size:
(කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්...//)

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යාකල නුඹ මගෙ දේවී

කඳුළු පිසදාලන....

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස්පෑ මල් යහනට වැඩපන් දේවී

කඳුළු පිසදාලන....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.