නිසංසලේ මා තනියෙන්
Nisansale Ma Thaniyen
Music: වික්ටර් රත්නායක Lyrics: කුසුම් පීරිස්
Font size:
නිසංසලේ මා තනියෙන් තනියට මගෙ හිත ළඟටම අවුදින් නිසංසලේ ඔබ තනියෙන් තනියට ඔබෙ සිත ළඟටම අවුදින් නිසංසලේ මා තනියෙන් නිසල සිතේ ඒ සසළ සුසුම් පෙම් ගී ගැයුවා ඔබේ නමින් සසල දෙතොල් නිසල හඬින් පෙම් ගී ගැයුවා ඔබේ නමින් නිසංසලේ මා තනියෙන්... දෑසක ගොළු වුණු තනිය නිවාලන දෑසක් සෙව්වෙමි සසර පුරා අඳුරු නිශාවක පිපුණු සඳක් සේ ඔබ හමු වූවා නො සිතු ලෙසින් නිසංසලේ මා තනියෙන්...
Data
Last updated May 2026