Home/Songs/අදත් වැස්ස වහින සදේ

අදත් වැස්ස වහින සදේ

Adath Wassa Wahina Sade

Font size:
අදත් වැස්ස වහින සදේ
මතක සුවඳ දැනේ
මතකද දෙන්නා තෙමුණා
සීතල වැහි පොදේ //

කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කාලේ
වැස්ස ඇවිත් වන යායම සීතල වූ සදේ
මුවාවෙන්න ගස් තිබුණත් තෙමුනා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ

අදත් ඉතින්  වහින දාට තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මකන සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන  ගිනි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක එකම වැස්ස වැටේ

අදත් වැස්ස වහින ........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.